හෙටට අවශ්‍ය යහපත් මිනිසෙකු නිර්මාණය කිරීමට අද දවසේ යුතුකම නම් නව්‍යකරණය වූ අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ රෝපණය කිරීමයි. එහි පළමු පියවර මුල් ළමා විය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සංශෝධිතයන් හා නවමු එක්වීම් වහ වහාම එම් අධ්‍යාපන ක්ෂේත්රය වෙත මුදා හැරීමයි.
2030 වසරේ දී මුළු ලොවක් එක්ව ජය ගැනීම උදෙසා 2015 වසරේ සිට ජාත්‍යන්තරව ක්‍රියාත්මක තිරසර සංවර්ධනය ඉලක්ක පිළිබඳ තවමත් එහි කොටස්කරුවන් ලෙස අප තුළ ඇති දැනුවත්භාවය ඉතාම අල්පය.
තිරසර ඉලක්ක ජයගනීමට නම් තිරසර ඉලක්ක පිළිබඳ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව කිරීමේ කාර්ය භාරයේ දී ප්රාදේශීයව ජනතාව ඒකරාශී වන ප්‍රමුඛතම කේන්ද්‍රයක් වන මුල ළමා විය අධ්‍යාපනයට ප්‍රථම වරට හඳුන්වා දෙයි.
"තිරසර සිත්තරා" සැබැවින්ම තිරසර ඉලක්ක පුංචි පැටවුන්ගේ පාට පාට වලින් සරසන්න අප සූදානම්. ළදරු හිත්වල ඇති සුන්දර සිතිවිලි සිත්තමක් බවට පත් කර ළදරු අවධියේ දීම සහජ කුසලතා හඳුනාගැනීමට අත්වැල සපයන දීප ව්‍යාප්ත චිත්‍ර තරගයක නැවුම් අත්දැකීම් "තිරසර සිත්තරා" තුළින් ඔබට තිළිණ කරයි.
රූකඩ කලාව අපගේ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානක් වන අතර විශ්ව රූකඩ කලාවන් ද ඒ ඒ රටරටවල විවිධ ක්ෂේත්රවලට ධනාත්මක බලපෑම් කළ කලා මාධ්‍යයකි.
අධ්‍යාපනයේ විවිධ ජයග්‍රහණ ලබාගත් රටවල අධ්‍යාපන ක්‍රම හා උපාය මාර්ග කිරීමේ දී ද රූකඩ කලාව ප්‍රාථමික අධ්‍යාපනයට යොදා ගෙන තිබීම හා එහි විපුල ඵල අත් විදීම රූකඩ කලාවේ ව්‍යවහාරට පිළිබඳ දකිනට ලැබෙන ප්රශස්ත ලක්ෂණයකි.
එවන් වටිනා රූකඩ කලාව අපගේ මුල් ළමා විය අධ්‍යාපනයට විනෝදජනක අත්දැකීමක් ලෙස එක් කිරීමට අප ගන්නා උත්සාහයයි පපට්ලන්ත.
මුල් ළමා විය ගුරුතුමියන්ගේ, දරුවන්ගේ පමණක් නොව ප්‍රජාවගේ නිර්මාණ කුසලතා ඔප් නංවන, එම නිර්මාණ කුසලතා මෙරට මෙන්ම පිටරට වෙසෙන ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් වෙත මුදා හැරෙන්, හොඳම නිර්මාණ සඳහා මුදලින් තෑගි ලබාදෙන අපේ ජනකතා, ළමා කතා, අළුතින ලියන ලද ළමා කතා ආදී වටිනා සාහිත්‍යාංග සමාජගත කෙරෙන තරඟකරී රූකඩ නාට්‍ය නිර්මාණය සඳහා වේදිකවක් පපට්ලන්තය
අපගේ දේශීය අධ්යාපන්ය තුළ වැදගත් කාර්ය භාරයක් ඉටු කරන මුල් ළමා විය අධ්‍යාපන මධ්‍යස්ථානයන්හි ගුරුතුමියන්ගේ ගුරු අධ්‍යාපන ඥාණය හා අත්දැකීම් යාවත් කාලීන කිරීම කාලීන අවශ්‍යතාවයක් මෙන්ම මෙරට අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ප්‍රමිතිගත වීමේ දී අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකි.
එහි වඩා වැදගත් ක්ෂේත්රයක් වන් සෞන්දර්ය අධ්‍යාපනය විධිමත් වූද සුවිශේෂී වූද විෂය මාලාවක් තවමත් මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ස්ථාපිත නොවුනු වටපිටාවක ශ්‍රි ලංකාවේ ප්‍රථම cඅරට මුල් ළමා විය ගුරු පුහුණු සෞන්දර්ය උසස් ඩිප්ලෝමා පාඨමාලවක් අප විසින් සාඩම්බරයෙන් ඔබ වෙත තිළිණ කරයි.
සකලවිධ සෞන්දර්ය අත්දැකීම් ළමා ලෝකයේ ඉගෙනුම් අත්දැකීම ලබා ගැනීමට ව්ය්වහාරිකව යොදගත හැකි විද්‍යාත්මක පසුබිම විමසා බැලෙන ගුරුතුමිය වෙත සියයට සියයක ප්‍රයෝගික විෂය අත්දැකීම ලඇබ්දෙන නැවුම් ගුරු අධ්‍යාපන පාඨමාලව ජාත්‍යනතර මට්ටමේ ප්‍රමිතිය අත් විදීමට ඔබට අවස්ථාව සැලසේ.ජාත්‍යන්තරව පිළිගත් විදේශීය විශ්ව විද්‍යාල සමූහයක නිර්දෙශය දිනාගත් අපගේ සෞන්ද්යරය උසස් ඩිප්ලෝමාව අධ්‍යාපනයට අලුත්ම හඳුන්වාදීමකි.